Tuesday, February 22, 2011

" පිස්සු මාස්ටර් "


මාස්ටර් කියනකොට කාටත් එක පාරට මතක් වෙන්නෙ ගුරුවරයෙක් එහෙම නෑත්තම් සංගිතඥයෙක් වගේ කෙනෙක්.අද කියන්න යන්නෙත් ඒවගේ කෙනෙක් ගෑන.මගෙ මතකේ හෑටියට ඒ මීට අවුරුදු 8 කට 10කට කලින්.ඔහුත් ගුරුවරයෙක් විදියට හිටපු කෙනෙක් කියල මම් අහල තියෙන්නෙ,වෑඩිය කතාවට එහෙම නම් ගිහින් නෑ මම්. ඒත් කතා කරනවා බලන් ඉදල තියනවා.

 ඒකට හේතුවක් තිබ්බා, මම් දන්න කාලෙ ඉදල ඒ මනුස්සයාට හෑමෝම කිව්වෙ "පිස්සු මාස්ටර්" කියලා.කාත් කවුරුත් නෑ.බඩු පොදියකුත්(පොට්ටනියක්) කර ගහගෙන ගෙවල් ගානෙ ඈවිදිනවා.ගොඩක් මිනිස්සු ගේට්ටුවෙන් මෙහාට ගන්නෙ නෑ.ඒ තරම් වදයක් වෙන වෙලාවල් තියනවා අනික පිස්සෙක් නිසා කොහොමත් මිනිස්සු කෑමතිනෑ මිදුලෙ වත් තියාගන්න.

බාහිර ස්වරූපයෙත් ලොකු වෙනසක් තිබ්බා,අදින්නෙ ජාතික ඈදුම (අර නෑශනල් එක කියන්නෙ),ඒවගේ නෑශනල් අදුම් ගොඩක් එක පිට එක ඇදන් ඉන්නවා,මතක හෑටියට 4ක් 5ක් වත් වෙන්න ඕනේ,ජරාවෙලා වුනත් හෝදන පාටක් නම් පෙනෙන්න තිබ්බෙ නෑ.අනික රෑවුල දිගට වවලා.ඒ කාලෙ වෙද්දිත් අවුරුදු 45ක් 50ක් වත් පෑනලා ඉන්න ඈති.

 මගෙ මතකෙ නිවරදි නම් අපේ ගෙදරටත් කීප වතාවක්ම මේ කෙනා ඈවිල්ල තියනවා.කතා කරන්නෙ හොදම ශුද්ද ඉංග්‍රිසියෙන්.(හෑම වෙලාවෙම නෙමේ)ඒ කලින් ඉංග්‍රීසි ගුරුවරයෙක් විදියට හිටිය නිසාලු.කතා කරන්නෙ හෑබෑයි ටිකක් විතර හයියෙන්.අප්පච්චිත් එක්ක කතාවට වෑටිල ඉන්න වෙලාවට මමත් එතින් පෑත්තක ඉදන් කතාව අහගෙන ඉන්නවා.

පරණ කාලේ පුරජේරු,උගන්නපු හෑටි එහෙම  උජාරුවෙන් කියවනවා මතකයි.හදිසි අනතුරක් වෙලා මේ තත්වෙට පත් වුනා කියල තමයි කියන්නෙ.කාත් කවුරුත් නෑ,අසරණ වෙලා,වෙන හිගන්නො වගේ නෙමේ, වතුර ඉල්ලගෙන බොනව,හෑබෑයි බාගෙට නිවපු උනුවතුර,.(ඇල් වතුර දුන්නට  බොන්නෙ නෑ)උනුවතුර වෙනුවට කිරි වීදුරුවක් එහෙම හදල දුන්නොත් පෑය 1 කින් මෙහා ස්තූති කතාව නවතින්නෙ නෑ.ඉංග්‍රිසි කතාව වගේම බණ,ගථා එහෙමත් කියවනවා,ඒත් පිලිවෙලකට නෙමේ.එකම රිවයින් කරනවා.

ඉස්සර ගොඩක් වෙලාවට ඉන්නෙ ශ්‍රිමහ බෝධිය හරියෙ.අනුරාධපුරෙ නගරෙ අයනම් ගොඩක් දෙනා මෙයාව දෑකල ඈති.පස්සෙ කාලෙක පූජානගරෙ සිගමනේ යෙදෙන අයට තහනම් කලාපයක් උනා.කලාතුරකින් නගරේ විටින් විට තෑන් තෑන් වලදි රෙදි පොට්ටනියත් එක්ක දකින්න ලෑබුනා.පස්සෙ කාලෙ රෙදිපොට්ටනියත් එක්කම හෑරමිටියක්-අත්වාරුවකුත් එකතුවෙලා තිබුන,ඒ බල්ලො බලල්ලු, නාහෙට නාහන කොල්ලොන්ට ප්‍රතිචාර දක්වන්න.

මේ ලියවුනේ මාස්ටර් වෙනුවෙන්  හිතේ කොනක ඉතුරුවෙලා තිබ්බ පොඩිම පොඩි මතකයක්.මෑත කාලෙක මාස්ටර්ව දකින්න ලෑබුනේ නෑ.සමහර විටමේ වෙද්දි මාස්ටර් මිය ගිහින් වෙන්න පුලුවන්.