Sunday, November 24, 2013

වැස්ස වෙලාවට කරන්න හොදම දේ



මේ දවස් වල රටේ ගොඩක් තැන් වලට වහිනව. මහ කන්නයට රජරටට ගොඩක් ලොකු වර්ෂාවක් වෙනදා ලැබුනත් මේ කන්නෙ වර්ෂාව ගොඩක් ප්‍රමාදවෙලා තමා ලැබෙන්නෙ... ඒ වගේම වැහි ප්‍රමාණයත් ගොඩක් අඩුයි...සමහර මිනිස්සු කුඹුරු කරන්න අද වහී හෙට වහී කියල බලන් ඉන්නවා .වතුර  දෙන්නත් වැව්  වලට වතුර පිරෙන්ඩ එපැයි ඉතින්.

…කන්න රැස්වීම් පවත්වල ඇල්වේලි එහෙමත් සුද්ද බුද්ද කරන් රෙඩි පිට හිටියට  මොකද වැහි නැ.වැව් ගොඩක් අපේක්ෂිත ජල මට්ටම සපුරලා නැ කියල තමා කියන්නෙ .මහකනදරාව වැවෙත්  ඊයෙ වෙද්දි පොඩි ජල ප්‍රමාණයක් තමා තිබුනෙ.

 ඒත් ඊයෙ ඉදන් ටික ටික වැස්ස .ඉන්දියාවෙ තියනව  කීව කුණාටුව මෙහෙට බලපාලද මන්දා...ගෙයින් එලියට බහින්න බැ වහිනව.ඉතින් ගේ අස්සට වෙලා මොනව කරන්නද. පොඩි කාලෙ වගේ බෝට්ටු හද හද  යවන්නැයි...…


පොඩි උන් දෙන්න හිටිය නම් ඒක වත් කරන්න තිබ්බ,උනුත් නැති එකේ පාලුව නැති කරගන්න මම් නම් කරේ උදේ නැගිටිච්ච් වෙලේ ඉදන් අලුතින්  ගෙනාව පොත කියවපු එක.


ඔහොම හෙන ගහහ වහින වෙලාවට ගොඩක් අය කැමති නම් අල්ප දයන්න ගහල හොදට දොයියන්න .…සමහරු ජනේලෙ ලගට වෙලා වහිනා දිහා බලන් ඉන්න ආසයි.වැස්ස වෙලාවට ගෙදර තිබුනොත් අයිස්ක්‍රීම් කන  අයත් ඉන්නව මම් දන්න කියන, ඒ වගේද පොතක් කියව කියව ඇදට වෙලා කිරිකෝපි එකක් බොන එක.

Saturday, November 23, 2013

අරන්තලාවට




අරන්තලාව කියන නම ඇහෙද්දි අපිට එකපාරටම මතක් වෙන්නෙ  1987 වර්ෂයෙදි අම්පාර ප්‍රදේශයේ අරන්තලාවෙදි සිද්ද වුන භික්ශු ඝාතනය. LTTE සංවිධානය විසින් මෙහෙයවපු මේ ඝාතනයෙදි භික්ශූන් වහන්සේලා 33 දෙනෙකුත් තවත් සිවිල් වැසියන් කීපදෙනෙකුගෙත් ජීවිත නැති උනා.අමුතුවෙන් කියන්න දෙයක් නැති තරමට හැමෝම වගේ මේ සිද්ධිය ගැන දන්නව...............


අපි වන්දනා ගමනක් ගිහින් එන ගමන් අම්පාරෙත් යමුයි කියන යෝජනාවට අරන්තලාව පැත්තෙන්  එනකොට ගොඩක්ම රෑ වෙලා... රෑ 8.00ත් පහුවෙලා... අපි එතනට යද්දිම ආරක්ෂක අංශෙ කෙනෙක් විගහට ඇවිත් අපිට මේ ස්ථානෙ ගැන ඉතිහාසෙ සියල්ල කියල දුන්න. සිද්ධිය වෙන කොට ඒ කෙනාත් මේ පැත්තෙ රාජකාරි කරමින් හිටියලු.දැන් එලි පෙහෙලි කරල තිබ්බට ඒ කාලෙ පාර දෙපැත්තෙම හොදටම කැලේලු.ඒ වෙද්දි එයා ආරක්ෂක අංශෙට බැදිච්ච මුල්ම කාලෙලු, ඒ වෙනකොට වයස අවුරුදු 22ක් ද කොහෙද කියලත් කිව්වා.


සිද්ධිය පැහැදිලි කරලා ඉවර වෙද්දි අපිත් එක්ක ගිය අය ගොඩක් දෙනාගෙ ඇස් වල කදුලු බේරෙනව. ඇත්තම සිද්දිය මේ දැන් උනා වගේ හැමෝමගෙම හිත් වලට පපුව කඩාගන යන දුකක් දැනිල වගේ. අම්පාරෙ තිබ්බ දැයට කිරුළට ඒ සිද්දිය වෙච්ච බස් එක ගෙනත් මේ විදියට මුර්තියක් කරන්න තිරණය කරල. මෙතන බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදිකරන්නත් භාවනා කුටි 33ක් හදලා නිමකරන්නත් බලාපොරොත්තු වෙනවලු.

අපේ ගමනේ අවසානේ දකින්න තවත් පැය 4 - 5 ක් ගතවෙන නිසා   විගහින්ම එන්න පිටත් උනා,... ගමනේ අවසානය වෙනකම්ම යුද්දෙ ඉවර වෙච්ච එකට පින් දිදි තමා ආවේ. නැත්තම් ඔය පාරෙ කොහෙ එනවද බයක් හැකක් නැතුව. මට හිතුනෙම ඒ පැත්තෙ ගම්වල මිනිස්සු කොච්චර දුකක් විදින්ඩ ඇතිද බයෙන් ඉන්ඩ ඇතිද කියල ඒ කාලෙ...